Friday, September 20, 2024

General line - 0115112241

මඩකලපුවේ කාන්තාවන් 15 දෙනෙක් රාජ්‍ය ආයතනවලට ලිපි යවයි




තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත හරහා තමන්ට සහනයක් ලබාදෙන්නැයි මඩකලපුව ප‍්‍රදේශයේ කාන්තාවන් 15 දෙනෙකු රාජ්‍ය ආයතන කිහිපයක් වෙත ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

‘‘ ද හින්දු’’ පුවත්පත වාර්තා කළේ අදාළ කාන්තාවන්ගේ ඥාතීන් ඉකුත් යුද සමයේ දී සහ ඉන් අනතුරුව ද අතුරුදන්ව ඇති බවයි.

ඒ අනුව තම ඥාතීන් පිළිබඳ තොරතුරු සොයා දෙන්නැයි මෙම කාන්තාවන් 15 දෙනා දිස්ත‍්‍රික් ලේකම්වරයාට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මානව හිමිකම් කොමිසන් සභාවේ මඩකලපුව කාර්යාලයට ද ඔවුන් එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි ‘‘ද හින්දු’’ පුවත්පත වාර්තා කළේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ද ඔවුන් එහි පිටපතක් ලබාදී තිබෙනවා.