Saturday, May 4, 2024

General line - 0115112241

සටනක් දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදියි




ශ්‍රී ලංකාව සමග පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 367 ක් රැස් කළා.

පෆ් ඩූ ප්ලේසිස් ලකුණු 185 යි. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 73 කට කඩුලූ 2 ක් බිද හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලූ දෙනා පන්දුවාර 48 යි එක් පන්දුවක් තුළ දැවී ගියේ ලකුණු 327 කටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ආරම්භයක් ලබාදුන් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පන්දුවාර 16 කදී පළමු කඩුල්ලට ලකුණු 139 ක් එක් කළා.

උපුල් තරංග පන්දු 90 කදී ලකුණු 119 යි. ඊට හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත්. ඔහු සිය අර්ධ ශතකය සම්පුර්ණ කළේ පන්දු 25 ක් තුළදී වීම විශේෂත්වයක්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 යි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු ලකුණු සියය වාර්තා වුණේ පන්දුවාර 9 යි පන්දු 4 කදීවීමද කැපී පෙනෙන සිද්ධියක්.

සිය දෙවන එක්දින තරගයට සහභාගි වූ සදුන් වීරක්කොඩි සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලූ 5 පන්දු 19 ක් තුළ බිද වැටීමද කැපී පෙනෙන සිද්ධියක්. පන්දු යැවීමේදී වේන් පනෙල් ලකුණු 58 කට කඩුලූ 4 ක් බිද හෙළුවා.