Monday, November 4, 2024

General line - 0115112241

රාජපක‍්ෂ රජයේ චීන ගණුදෙනු ගැන නාමල්ගෙන් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශයක්




රාජපක‍ෂ සමයේ චීනය සමග පැවති සබදතා පිළිබද ඉන්දියාව වැරදි අවබෝධයකින් සිිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ පවසනවා.

එහෙත් වර්තමාන රජය චීනය සමග පවත්වන සබදතාවලදී ඉන්දියාව නිහඩව සිටින බවයි ඔහු කියාසිිටියේ.

ඒ,  ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදි නාමල් රාජපක‍ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තම පියාගේ පාලන කාලයේදී ශ්‍රී ලංකාවට අයත් භූමිය සහ ජලය වෙනත් රටකට එරෙහිව භාවිත කිරීමට ඉඩ ලබා නොදිය යුතු යන ස්ථාවරයේ දැඩිව සිටි බවයි.

හම්බන්තොට වරාය ඉදිකිරීමේදී ඉන්දියාවටද අවස්ථාවක් ලබාදුන් නමුත් ඔවුන්ගේ කොන්දේසි තුළ වරාය යළි ශ්‍රී ලංකාවට ලබා නොදීමේ ස්ථාවරයක් පැවති බව මන්ත්‍රීවරයා කියා සිටියා.

එහෙත් චීනය ඉදිරියට පැමිණි බවත් ජනතාව වෙනුවෙන් කල්මරමින් නොසිට වරයා ඉදිකිරීමට ඔවුන් සම්බන්ධ කරගත් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

තම පියාගේ පාලන සමය තුළ ඉන්දියාවට හෝ චීනයට හෝ වෙනත් කිසිදු රටකට හෝ එරෙහිව කටයුතු කිරීමක් සිදු නොවූ බවයි නාමල් රාජපක‍ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.