Friday, September 20, 2024

General line - 0115112241

බිබිලට ඉන්ෆ්ලූවෙන්සා බිය




බිබිල ප්‍රදේශය ආශ්‍රීතව ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් රෝගය ව්‍යාප්ත වෙමින් තිඛෙනවා.

මේ වනවිට රෝගීන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් බිබිල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුනිල් සෙනරත් යාපාගෙන් විමසීමක් කළා.

ඔහු කියාසිටියේ ඉකුත් සතියේ බදාදා දින පළමු රෝගියා වාර්තාවීමෙන් අනතුරුව මේ දක්වා රෝගීන් යැයි සැක කෙරෙන විසි දෙනෙකු පිළිබද තොරතුරු ලැබී ඇති බවයි.

ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් රෝගය වැළදී ඇති බවට තහවුරු කර ගෙන ඇති සංඛ්‍යාව 8 ක්.

මෙය මාරාන්තික රෝගයක් නොවුණද රෝග ලක‍ෂණ හටගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙසටයි බිබිල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුනිල් සෙනරත් යාපා ජනතාවට දැනුම් දෙන්නේ.

රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමද මේ වනවිට සිදුවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.