Friday, September 20, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන 15 ක් ගැන හෙළිවෙන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට




රාජ්‍ය ආයතන 15ක තොරතුරු ඇතුළත් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු වාර්තාවක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින්.

2015 වසරේ මැයි මාසයේ සිට 2016 අගෝස්තු මාසය දක්වා කාලයට අදාළ රාජ්‍ය ආයතනවල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් තොරතුරු අනාවරණ කෙරෙනවා.

වරාය, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක තොරතුරු එහි ඇතුළත් වනවා.