Friday, September 20, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියා පැදවූ රථයට තරුණියන් දෙදෙනෙක් යට වෙයි (PHOTOS)




පොලිස් නිලධාරියෙකු පදවාගෙන පැමිණි රථයක් මාර්ගයේ ගමන් ගත් තරුණියන් දෙදෙනෙකු යට කරගෙන ගොස් තිබෙනවා. අනතුරට පත් තරුණියන් දෙදෙනා අසල තිබූ කාණුවක වැටී සිටියදී ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් තරුණියන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. ඔවුන් ඇතුළත් කෙරුණේ මඩකලපුව ශීක්ෂණ රෝහලටයි.

රථය පදවාගෙන පැහිණි පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ ඇවිදගෙන ගිය වවුනතීවු හි කන්දසාමි නිසාන්තිනි නැමැති 20 හැවිරිදි තරුණිය සහ  ඉලෙයියතම්බි මංජු නැමැති 19 හැවිරිදි තරුණිය මෙලෙස අනතුරට ලක් වුණා.

අනතුර සිදු වූ ස්ථානය ඉදිරියේ ඇති වෙළඳ සැලේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ මෙම අනතුර සටහන් වී ඇති අතර එම සාක්ෂි අනුව පොලිස් පරීක්ෂණ සිදු කෙරෙනවා.

S1080011 S1080013 S1080014 S1080015 S1080018 S1080019