Thursday, December 5, 2024

General line - 0115112241

‘රියදුරු අසුනේ සිටියා නම් වෙඩි වදිනවා‘ – සයිටම් ප්‍රහාරයේ සාක්ෂි පරස්පර බව හෙළිවෙයි




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ගමන් ගත් මෝටර් රථයට ඉකුත්දා එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිඛෙනවා.

දැනට සිදුකෙරුණු පරීක‍ෂණවලදී හෙළිවී ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස විදුරුවට ගලකින් පහරදීමෙන් අනතුරුව වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ඇද සිටි ඇදුම්ද පරීක‍ෂණ සදහා රජයේ රස පරීක‍ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කර තිඛෙනවා.

දැනට සිදු කෙරෙමින් පවතින පරීක‍ෂණවලට අනුව හෙළිව ඇත්තේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු අසුනේ සිටියා නම් ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වන බවයි.

මේ අතර රජයේ රස පරීක‍ෂකවරයා පැමිණ මෝටර් රථයේ රියදුරු අසුන අසල දොර විවෘත කිරීමේදී එහි වීදුරු කැඩි බිම පතිත වී තිඛෙනවා. එම නිසා ඔහු වෙඩි තබන අවස්ථාවේදී රියදුරු අසුනේ නොසිටි බවටයි පොලීසිය සැක කරන්නේ.