Friday, September 20, 2024

General line - 0115112241

ඉඩම් ඉල්ලා මුලතිව් ගුවන් හමුදා කදවුර ඉදිරිපිට සත්‍ය ග්‍රහයක්




මුලතිව් පුදුකුඩිඉරිප්පුහි පිහිටි ගුවන් හමුදා කදවුර ඉදිරිපිට සහ කේපාපිලව්හි පිහිටි ගුවන් හමුදා කදවුර ඉදිරිපිට එම ප්‍රදේශවාසීන් තවදුරටත් සත්‍ය ග්‍රහයන්හි නිරත වනවා.

ඔවුන් පවසන්නේ අදාළ ගුවන් හමුදා කදවුරු සදහා තමන්ට අයත් ඉඩම්ද අත්පත් කර ගෙන ඇති බවයි.

පුදුකුඩිඉරිප්පුහි කෙරෙන සත්‍යයග්‍රහයට මේ වනවිට දින 6 ක් ගතවී තිඛෙනවා.

කේපාපිලව්හි සත්‍යග්‍රහය සිදු කෙරෙන්නේ දැන් දින 10 ක සිටයි.

ඉකුත් දින කිහිපයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ද පැමිණ සත්‍යග්‍රහයේ නිරතවන්නන් සමග සාකච්ඡා සිදුකළා.

එහෙත් සිය සත්‍යග්‍රහයන් අවසන් කිරීමට ඔවුන් එකග වූයේ නැහැ.

තමන්ට අයත් ඉඩම් නැවත තමන්ට පවරා දෙන තුරුම මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වන බව ඔවුන් කියාසිටියා.