Friday, September 20, 2024

General line - 0115112241

දිවි නැගුම යලි සමෘද්ධි වෙයි




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහාය ඇතිව ජනමත විචාරණයකට යාම ආණ්ඩුවේ බලාපොරොත්තුව බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද (09) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යන නම සමෘද්ධි දෙපාර්තමේන්තුව ලෙස අද සිට යළි වෙනස් වනවා. ඒ, දිවිනැගුම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත වීමත් සමගයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා ඇතැයි කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.