ඉන්දියාවේ මෝටර් රථයක් වන ඇම්බැසඩර් හි වෙළෙඳ නාමය ප්‍රංශයේ පර්ජෝ සමාගම වෙත විකුණා තිබෙනවා.
එම රථ නිෂ්පාදනයේ යෙදුණු සමාගම විසින් මෙලෙස වෙළෙඳ නාමය අලෙවි කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
අමෙරිකානු ඩොලර් මිලියන 12කට මෙම ගනුදෙනුව සිදුවී තිබෙනවා.
2014 සිට ඇම්බැසඩර් රථ නිෂ්පාදනය නවතා දමා තිබූ අතර පර්ජෝ සමාගම විසින් එම වෙළෙඳ නාමය යළි ජනප්‍රිය කරවනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඉන්දියාවේ වැඩිම අලෙවියක් වාර්තා කළ මෝටර් රථය ලෙස ඇම්බැසඩර් සැලකුණා.
පර්ජෝ මෝටර් රථ සමාගමට ඉන්දියාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව එරටට මුලින්ම පැමිණි විදේශීය මෝටර් රථ සමාගම් අතර ප්රමුඛ සමාගමක් වනවා.