සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළද එය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීමට හේතුව එම පාලන මිල පැනවීමේදී පාරිභෝගික ආරක්‍ෂණ පනතේ විධිවිධාන අනුගමනය නොකිරීම බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.
කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මේ බව කියාසිටියා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "වැඩි ගාණට අරන් අඩු ගාණට විකුණන්නේ කොහොමද කියලා අහන වෙළෙන්දො කූඨ ව්‍යාපාරිකයොලු. මෝල් වැඩ කරලා මෝල් හිමියන්ට බනිනවා. සිල්ලර වෙළඳ සැල් ටික නැති කරලා ගජමිතුරු සුපිරි වෙළඳසැල් ජාලය විතරක් ඉතුරු කරන්න තමයි මේ හදන්නෙ." යනුවෙනි.