මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සහල් සහ පොල් රැගෙන ඒම හේතුවෙන් දකුණු පළාත් සභාවේ අද (14) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ, එම මන්තී‍්‍රවරුන් රැගෙන ආ සහල් සහ පොල් සභාවට පෙන්වමින් ඒවායෙහි මිළ ගණන් පිළිබඳ අදහස් පළ කිරීමත් සමගයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර සාලිය මෙන්ඩිස් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් සහල් මිළ ගණන් සහ පොල් මිළ ඉහළ යාම සම්බන්ධයෙන් පළමුව අදහස් පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඊට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ද අඩු මිළට ඇතැයි කියන සහල් මළු පෙන්වමින් ඝෝෂා කිරීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් වාදවිවාද ඇති වූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර අශෝක ධනවංශ සහල් මල්ලක් රැගෙන ගොස් සන්ධාන මන්තී‍්‍ර චන්න සාලියගේ මේසය මත තැබීමත් සමග සභාව නොසන්සුන් වූ බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
මේ අතර දකුණු පළාත් සභාවේ ලේකම් කේ. එල්. දයානන්දට දකුණු පළාත් සභා ගර්භය තුළදී දකුණු පළාත් සභාවේ මහ ඇමතිවරයා ඉදිරිපිටදීම දකුණු පළාත් සන්ධාන මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) බැන වැදී තිබෙනවා.
අද පැවැති දකුණු පළාත් සභා මාසික රැස්විමේදී මෙම සිද්ධියද ඇති වූ අතර එහිදී දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර තම වරප්‍රසාද ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ දකුණු පළාත් සභාවේ මහජන මන්ත්‍රිවරුන්ට ඇති වැසිකිළි පද්ධතිය තුළ දොරවල් නැති බවයි.
ඒ නිසා තම අවශ්‍යතා සඳහා වැසිකිළි භාවිතා කරන්නට නොහැකි තත්ත්වයක් ඇතිවි ඇති බවත් සඳහන් කළා. මේ නිසා අදාළ කටයුත්ත සිදු කිරීමට වෙන්නේ වැසිකිළිය ආසන්නයේ තවත් පුද්ගලයෙකු රැඳවීමෙන් බවයි ඔහු පෙන්වා දුන්නේ.