කොළඹ පුද්ගලික රෝහලකට සහ එහි වෛද්‍යවරයෙකුගෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ඉල්ලා කැළණිය ප‍්‍රදේශයේ දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (14) නඩුවක් ගොණු කළා.
ඒ, සිය දෙවන දරුවා සිසේරියන් සැත්කමකින් ප‍්‍රසූත කළ පසු පුලුන් ගුලියක් උදරය තුළ රඳවා නොසැලකිලිමත් ලෙස මැහුම් දැමීමේ සිද්ධියකට අදාළවයි.
2016 වසරේ ජනවාරි මස 23 වැනිදා තමන් මෙම සිද්ධියට මුහුණපෑ බවයි පැමිණිලිකාරිය පවසන්නේ. උදරයේ ඇති වූ අධික වේදනාව හේතුවෙන් තමන් අදාළ සැත්කම සිදුකළ නාරි සහ ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයා යළි හමු වූ බවද පැමිණිලිකාරිය පවසනවා.
එහිදී අදාළ වෛද්‍යවරයා තමන් නිසි පරීක්‍ෂාවකට ලක් නොකර වේදනා නාශක පමණක් ලබාදුන් බවද ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා. පසුව වෙනත් පුද්ගලික රෝහලකින් සිදුකළ ස්කෑන් පරික්‍ෂාවකදී සැබෑ තත්ත්වය අනාවරණ කර ගත් බවද එම පැමිණිල්ලේ සදහන්.