Saturday, December 21, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන් පළ නෙලා ගනී




වසර 12 කට අඩු සේවා කාලයක් සපුරා ඇති විශ‍්‍රාමික ආබාධිත රණවිරුවන් සඳහා සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය කිරීම අද (14) සිදු කෙරුණා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් එම විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානයන් සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදීයි. ති‍්‍රවිධ හමුදාවේ දෙදහස් දෙසිය හැට එක් දෙනෙකුට සහ පොලීසියේ එකසිය තිස් හය දෙනෙකුට මෙම වරප‍්‍රසාදය හිමි වනවා.

එය සංකේතවත් කරමින් එකසිය පනස් දෙනෙකු වෙත සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරුණා.

මෙම සේවා විශ‍්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු රණවිරුවන්ට ලබාදීම සන්නද්ධ හමුදා විශ‍්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනවලට අයත් වන්නේ නැහැ.

එහෙත් මේ පිළිබඳ කෙරුණු ඉල්ලීම්වලට විශේෂ අවධානයක් යොමු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ඉතිහාසයේ ප‍්‍රථම වරට විශ‍්‍රාමික ආබාධිත රණවිරුවන්ට මෙම අවස්ථාව හිමිකර දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.