Saturday, December 21, 2024

General line - 0115112241

සයිටම් අර්බුදය අද නෙත් 'අන්ලිමිටඩ්' තුළින් සජීවිව




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද (14) දිනයේද ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වුණා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කළ විරෝධතාවක් අද දහවල් පැවැත්වුණේ එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදීයි.

මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන්ද රෝහල ඉදිරිපිට විලියම් ගොපල්ලව මාවතේ විරෝධතාවක නිරත වූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුණා.

මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා පුද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහි සාමාජික ඩබ්ලිව්.ඩබ්ලිව්.පී. සමරකෝන් සඳහන් කළේ මෙම ගැටලුව පිළිබඳව දැන් විදෙස් රටවලත් අවධානයට යොමුව ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී වෙනත් විදේශිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවා මෙරටට පැමිණීම පිළිබඳව තවත් වරක් සිතා බලනු ඇති බවත් පැවසුවා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනින් අද විමසා බැලෙන්නේ සයිටම් අර්බුදය පිළිබඳවයි. සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන්ගේ නියෝජිතයන් ඊට සහභාගී වනවා. මෙම වැඩසටහන රාත‍්‍රී 7.30 සිට 9.00 දක්වා ප‍්‍රචාරය කිරීමට නියමිතයි.