සහල් මිල සදහා වෙන වෙනම පාලන මිල දෙකක් පැනවීමට විරෝධය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ආනයනික සහල්වලට සහ දේශීය සහල්වලට වෙන වෙනම පාලන මිල දෙකක් ගෙනඒම තවත් ජාවාරමකට ඉඩකඩ ලබාදීමක් වන බවයි.
ආනයනික සහල් සහ දේශීය සහල් සදහා වෙන වෙනම පාලන මිල දෙකක් ගෙනඒමට තීරණය වී ඇත්තේ සහල් මෝල් හිමියන් සහ සහල් ආනයනකරුවන් ඊයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව පනවා ඇති පාලන මිලට සහල් ලබාදීමට මෝල් හිමියන්ට සහ සහල් ආනයනකරුවන්ට හැකියාවක් පවතින බවයි.