Saturday, September 21, 2024

General line - 0115112241

කසළ අස්සේ මැති ඇමතිවරුන්ට සද්ද බෑ - බස්නාහිර මහ ඇමතිටත්  එජාපයෙන් රතු එළියක් 




මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුමත කරන ලද කසළ බැහැර කරන ස්ථානවලට එරෙහිව උද්ඝෝෂණවලට සහභාගි නොවන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට උපදෙස් දී තිඛෙනවා. 

 

ඒ, එම මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයේදි ඊයේ (20) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීයි. 

 

සහල් අර්බුදය සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා වි තිඛෙනවා. 

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම අර්බුදය විසදීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කඩිනමින් කටයුතු කළ යුතු බවයි. 

 

දැනටමත් ඒ සඳහා පියවර ගෙන ඇතැයි ද ඉදිරි දින කිහිපය ඇතුලත සහල මිල පාලනය වනු ඇතැයිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර තිඛෙනවා.

 

බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අවධානය යොමුව ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. 

 

එස්. එම් මරික්කාර් සහ මුජබර් රහුමාන් යන මන්ත්‍රවරුන් එහිදී විශේෂයෙන්  කරුණූ දක්වා ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවසානයේදී තීරණය වී තිඛෙනවා. 

 

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර ඇත්තේ පලාත් පාලන ආයතනවල බලතල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇතැයි බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා කරන ප්‍රකාශ ද නිවැරදි නොවන බවයි. 

 

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිඛෙනවා.

 

පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවලදී ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් නොපවත්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය වජිර අබේවර්ධනට උපදෙස් දී ඇතැයි ද සදහන්. 

 

මඩකලපුව සහ ගම්පහ යන දිස්ක්‍රික්කවල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් එලෙස පාර්ලිමේන්තු දිනවලදී පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිඛෙනවා. 

 

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ චක්‍රලේඛ අනුවද පාර්ලිමේන්තු පැවැත්වෙන දිනවලදී ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම් පැවැත්විය නොහැකි බවයි ප්‍රකාශ වී ඇත්තේ.