Saturday, September 21, 2024

General line - 0115112241

අමෙරිකානු රජයේ  පිරිසක් 'විශේෂ  ගුවන් යානයකින්' මහ රෑ ලංකාවට ඇවිත් 




අමෙරිකානු රජයේ විශේෂිත නියෝජිත පිරිසක් ඊයේ (20)රාත්‍රියේ දිවයිනට පැමිණ තිඛෙනවා. 

 

නෙත් නිවුස් කටුනායක වාර්තකරු පැවසුවේ රාත්‍රී 11.30ට පමණ අමෙරිකානු විශේෂ ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි. 

 

16 දෙනෙකුගෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ පීටර් රොස්කැන් නැමැත්තෙක්. 

 

මෙම නියෝජිත පිිරිස ලබන 24වනදා දක්වා දිවයිනේ රැඳී  සිටිනු ඇති. 

 

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර විශේෂ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිම සඳහා මොවුන් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.