Saturday, September 21, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසම වාචික සාක්ෂි විමසීම අරඹයි 




ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කෙරුණු ජනාධිපති කොමිසම වාචික සාක්ෂි විමසිම අද (21)ආරම්භ කරනවා. 

 

ඒ අනුව කොමිසම හමුවේ පළමුව සාක්ෂි ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කැඳවා ඇති බවයි  එම කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය සඳහන් කළේ. 

 

මහ බැංකු අධිපතිවරයා  පෙරවරු 10ට කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති. 

 

බැඳුම්කර සිද්ධියට අදාළව  සාක්ෂි ලබා ගත හැකි යැයි විශ්වාස කෙරෙන තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුම මෙම කොමිසම හමුවට කැඳවීමට නියමිතයි. 

 

වාචික සාක්ෂි විමසිම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන  ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සහ ජනාධිපති තීතිඥ යසන්ත කෝදාගොඩ පත්කර තිඛෙනවා.