Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ඇමති දෑත් එක්‌කර පොලිස් නිලධාරියාගෙන් සමාව ගනී 




බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ ආරක්‌ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාවට වරද පිළිගත් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඊයේ  කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී එම නිලධාරියාට දෑත්  එක්‌කර  ආචාර කර සමාව ගත්තා.

 

පැමිණිලිකරුගේ එකඟතාව මත මන්ත්‍රීවරයා  සමාව ගැනීමෙන් අනතුරුව පැමිණිල්ල සමථයකට පත් කර ගැනීමට ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර  අවසර ලබා දුන්නා.

 

පොලිසිය මඟින් ගොනු කර තිබූ චෝදනා කියවා සිටි අවස්‌ථාවේදී මන්ත්‍රීවරයාගේ වරද පිළිගත් අතර  පැමිණිල්ල සමථයකට පත් කර ගැනීමට පැමිණිලිකරු එකඟතාව පළ කිරීම මත ඔහුට දෑත්‍  එක්‌කොට ආචාර කර සමාව ගන්නා ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට දන්වා සිටියා.

 

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ ආරක්‌ෂක රාජකාරියේ යෙදී සිටි කිරුළපන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උපාලි සමරසිංහ  තල්ලු කර දමමින් "අපි මහජන නියෝජිතයෝ අපිට යන්න අවසර තියෙනවා. ඒක නවත්වන්න කාටවත් බෑ." යනුවෙන් පවසමින් සාපරාධී බලහත්කාරය පෑමෙන් දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදු කර ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව මෙහි චෝදනා ගොනු කොට තිබුණා.