Saturday, September 21, 2024

General line - 0115112241

බෝට්‌ටුව පෙරළීමේ වාර්තාව ඇමති අතට - පෙරලුනු හේතුව මෙන්න 




කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී පෙරේදා බෝට්‌ටුවක්‌ පෙරළීමේ සිදුවීමට අදාළ වාර්තාවක් අමාත්‍ය මහින්ද අමරවීර වෙත ලබා දී තිබෙනවා.


ඒ ඊයේ දිනයේ දී.

 

ඊයේ පස්වරුවේ කලුතර සහකාර ධීවර අධ්‍යක්ෂ  විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාව අධ්‍යක්ෂ  ජනරාල්වරයා  විසින්  අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවා.

 

 එම වාර්තාවේ පෙන්වා දී තිබෙන්නේ අනතුරට ලක් වන විට එහි පුද්ගලයින් 35ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක්  ගමන් කර ඇති බවයි.

 

එමෙන්ම මෙම ධීවර යාත්‍රාව  හෝ මෙම පෙරහැරට එක්වු සෙසු ධීවර යාත්‍රා   ද කිසිවක් බේරුවල ධීවර වරායෙන් පිටවන විට නිසි පරිදි අවසර ගෙන නැති බවද එහි සඳහන්.

 

යාත්‍රාව  හැරවීමට උත්සාහ කළ විට මෙම බරෙහි සිදුවු අසමතුලිතතාව හේතුවෙන් වැරදි ගම්යුතා සම්ප්‍රේෂණය  Transmission of momentum නිසා පෙරලී ඇති ඇති බව පෙනී යන බව ද වාර්තාවෙන් පෙන්වා දෙනවා.