Monday, May 6, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම සතුව ප‍්‍රබල ක‍්‍රීඩකයින් නෑ - බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා කියයි




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේදී වැඩි දක්ෂතා දැක්වීමට තම කණ්ඩායමට හැකිවනු ඇතැයි බංග්ලාදේශ කණ්ඩායමේ නායක මුෂ්ෆිකර් රහීම් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සතුව ප‍්‍රබල ක‍්‍රීඩකයින් රැසක් නොමැති වීම ඊට එක් හේතුවක් බවයි. 

බංග්ලාදේශයට එරෙහිව වැඩි දක්ෂතා දැක්වූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, තිලාන් සමරවීර හා ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නොමැති වීම වාසියක් බවද ඔහු කියා සිටියා.

එමෙන්ම මෑතකදී තම කණ්ඩායම දක්වන දක්ෂතා ද ඉහළ මට්ටමක පවතින බවයි බංග්ලාදේශ නායකයා පවසන්නේ.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 7 වෙනිදා ආරම්භ වනවා.