Friday, October 18, 2024

General line - 0115112241

ඒ පිළේ වැඩ දැමූ මලින්ද බංග්ලාදේශයට එරෙහිව කැඳවයි




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැති දෙවන සිව්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 13 දවා ගනිමින් ඔහු පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වුවා.

ඒ අනුවයි ඔහුට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිව ඇත්තේ.

කොළඹ ලුම්බිනි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු මේ වන විට 29 වැනි වියේ පසුවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රංගන හේරත් එම තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බවයි.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 07 වැනිදා ගල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.