Sunday, September 8, 2024

General line - 0115112241

බංග්ලාදේශ ටෙස්ට් ගැටුමේ සංචිතය නම් කෙරේ 




බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. 

ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව එහි නායකයා වන්නේ රංගන හේරත්. 

දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග සහ ධනංජය ද සිල්වා ද සංචිතයට ඇතුළත් වනවා. 

ඔස්ටේ‍්‍රලියාව සමග පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ අසේල ගුණරත්න ද සංචිතයට ඇතුළත්. 

කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, නුවන් ප‍්‍රදීප්, විකුම් සංජය, ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් ද සංචිතයට ඇතුළත් වනවා. 

මලින්ද පුෂ්පකුමාර සංචිතයට කැඳවා සිටින නවකයෙක්.