Friday, September 20, 2024

General line - 0115112241

බන්ධනාගාර නිලධාරීන්ගේ ගිනිඅවි පුහුණුවේ වෙනසක්




බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි පුහුණුව ලබාදීම සඳහා විශේෂ කාර්ය බලකාය හෝ යුද හමුදා කමාන්ඩෝ බලකාය යොදා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඉදිරි මාසය ඇතුළත එය කි‍්‍රයාත්මක කරන බවයි.

බන්ධනාගාර රැඳවූවන් අධිකරණ වෙත රැගෙන යාමේදී ඊට අවශ්‍ය මනා පුහුණුව නිලධාරීන්ට ලබාදීම මෙහි අරමුණයි.

මෙතෙක් බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි පුහුණු ලබාදුන්නේ පොලිස් දෙපාර්තමේන්තුව විසින්. එහි දී මසක කාලයකට යටත්ව මෙම ගිනි අවි පුහුණුව ලබාදුන්නා.

කළුතර බන්ධනාගාර බස් රථ දෙකක් ඉලක්ක කර ගනිමින් පසුගියදා සිදුකළ වෙඩි ප‍්‍රහාරයෙන් පසුව මෙම තීරණය ගැනීමටයි බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබෙන්නේ.