Friday, September 20, 2024

General line - 0115112241

"හමුදාවෙන් සහායක් නැහැ"




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව යුද හමුදාව පවසනවා.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලබන හමුදා නිලධාරීන්ට අවශ්‍ය නීති සහය ලබා දීමට යුද හමුදාව මුදල් වියදම් කිරීමක් හෝ සිදු නොකරන බවයි. 

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට යුද හමුදාව බලපෑම් එල්ල කරන බවට ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියා. 

නඩු කටයුතු අවසන් වූ පසු ශ‍්‍රී ලංකා යුද හමුදාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ.