Friday, September 20, 2024

General line - 0115112241

"ඔබේ ශක්තිය පෙන්වන්න අද එන්න" - යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලයි




සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරුපැදි හිස්වැසුම් භාවිතය තහනම් කරමින් ඉකුත් පෙබරවාරී 23 වැනිදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට එරෙහිව අද (05) දිනයේ කොළඹ ගාලුමුවදොර දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චිරන්ත අමරසිංහ සඳහන් කරන්නේ දැනට තිබෙන අතුරු තහනම් නියෝගයත් අභිබවා යමින් කූඨ ලෙස මෙම ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය සැළසුම් කර ඇති බවයි. තම සංගමය සියලුම යතුරුපැදි කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අද පෙරවරු 9.00 ට කොළඹ ගාලුමුවදොර පිටියේදී මෙම විරෝධය දැක්වීම සඳහා එක්වන ලෙස යනුවෙන්ද සඳහන් කළා.

විරෝධතාවට සහභාගී විය යුතු ආකාරය පිළිබඳව ද ඔහු පැහැදිලි කළා.

එහිදී සඳහන් කළේ "සියලුම දෙනා යතුරුපැදියක පැමිණෙන්න කියලා ඉල්ලා සිටිනවා. දැවැන්ත රැළියක් පවත්වන්න තමයි අපේ අරමුණ. ආණ්ඩුවට අපේ ශක්තිය පෙන්වන්න අවශ්‍යයි. හැකිනම් ෆුල්ෆේස් හෙල්මට් එකක් පැළඳගෙන එන්න. මේ අසාධාරණ නීතියට විරුද්ධව ඔබේ ශක්තියත් පෙන්වන්න." යනුවෙනි.