Friday, September 20, 2024

General line - 0115112241

උසාවියට ගිනිඅවි ගෙනා මයියාත් අල්ලයි - "රොහා - රොෂා" කල්ලි දෙක අතර ලොකු වෛරයක්




ගල්කිස්ස අධිකරණ භූමියට ගිනි අවි දෙකක් ගෙන ඒමට හේතුව හා එම ගිනි අවි ගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. 

අධිකරණ භූමියට ගිනි අවි දෙක රැගෙන ආ බව කියන විදානගමගේ රංගන නොහොත් මයියා වැල්ලවත්ත ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200ක්ද තිබී සොයා ගැනුනා. ඔහුව දින හතක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට පොලීසියට අවසර ලබාදිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළා.

මේ අතර රත්මලාන ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර කලක පටන් පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් එක් පාතාල කල්ලි සාමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවි අධිකරණය භූමියට ගෙනවිත් ඇති බවටයි මේ වන විට හෙළි වී ඇත්තේ. 

එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි ගොනා කොවිලේ රොහා නැමැති සැකකරුවෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනිඅවි අධිකරණ භූමියට ගෙනවිත් ඇත්තේ රොෂා නැමැති පාතාල කල්ලි නායකයෙකුයි.  එම සැකකරුද පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා.

සිද්ධිය සිදු වූ දිනයේදී අධිකරණ භූමියට සුදු කමිසවලින් සැරසුණු පුද්ගලයන් 16 දෙනෙකු රැගෙන ආවේද රොෂා නැමැති සැකකරුය.