Friday, September 20, 2024

General line - 0115112241

කාර්ය මණ්ඩලය සිරකර ගත් සිසුන් 16 කට සරසවි බිම තහනම්




නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රීකුණාමල මණ්ඩපයේ සිසුන් 16 දෙනෙකුට විශ්ව විද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ඒ, විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ගත් තීරණයකට අනුවයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රීකුණාමල මණ්ඩපයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් පැය හයකට ආසන්න කාලයක් ගොඩනැගිල්ලක් තුළ සිරකර තබා ගැනීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.

අදාළ සිසුන් මේ වනවිට නේවාසිකාගාරවලින්ද ඉවත් කර ඇති බවයි මණ්ඩපාධිපති වී. කනකසිංහම් ප‍්‍රකාශ කළේ.

අදාළ සිසුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී පරිපාලනමය මට්ටමෙන් විමර්ශනයක් ද සිදු කෙරෙනු ඇති. එමෙන්ම මෙම සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල අත්හිටුවීමට ද තීරණය කර තිබෙනවා.