Friday, September 20, 2024

General line - 0115112241

"ජාත්‍යන්තරයෙන් රතු එළි දල්වයි - ලංකාව වහා පියවරක් ගත යුතුයි"




ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශ‍්‍රී ලංකාව විකල්ප යෝජනාවක් කෙරෙහි යොමුවිය යුතු බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා පවසනවා.

යුක්තිය හා ප‍්‍රතිසංධානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ගන්නා ක‍්‍රියා මාර්ග මන්දගාමී බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉකුත් දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වුණේ.  ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට තිරසාර සාමය ළඟා කර ගැනීම ප‍්‍රමාද විය හැකි බවද එහි සඳහන්.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී අචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා සඳහන් කළේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමිසම මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙවැනි බලපෑමක් එල්ල වී ඇති බවයි. 

අදාළ අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තරයෙන් තවදුරටත් කල් ඉල්ලා සිටීමෙන් ඵලක් නොවන බවද ඔහු සඳහන් කළා. 

යුක්තිය හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ ක‍්‍රියාමාර්ග අඩපණ වීම හේතුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ ගැටළුකාරී තත්වයකට මුහුණදීමට ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ද මෙහිදී අවධාරණය කෙරුණා.