Friday, April 26, 2024

General line - 0115112241

හිසගසා දැමූ  ජර්මානු ජාතිකයෙකුගේ සිරුර හමුවේ 




පිලිපීනයේදී අයි එස් සටන්කාමීන් විසින් ජර්මානු ජාතිකයෙකුගේ හිසගසා මරා දමනු ලැබ තිබෙනවා. 

ඔහුගේ සිරුර සොයාගත් බවයි එරට ආරක්‍ෂක අංශ පැවසුවේ. 

ඔහු පැහැර ගැනීමට ලක්වූයේ ඉකුත් නොවැම්බර් මාසයේදීයි. 

සුළු නම් වූ දිවයිනේ තිබියදී සොයාගෙන ඇති මෙම පුද්ගලයාගේ සිරුර යළි ජර්මනිය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා. 

මෙම පුද්ගලයාගේ සමීපතමයෙකුද මීට පෙර පිලිපීනයේදී පැහැර ගැනුණා. 

ඔහුද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වුණේ.