Friday, September 20, 2024

General line - 0115112241

උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්




මීතොටමුල්ල කුණු කන්දට එරෙහි උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. 

පොලිසිය පැවසුවේ මීතොටමුල්ල ප‍්‍රදේශයෙන් රථ වාහන ධාවනය නතර වී ඇති බවයි. 

පවතින තත්වය හේතුවෙන් ඔරුගොඩවත්ත පරණ පාරට ඇතුළුවන ස්ථානයේ සිට වැල්ලම්පිටිය හන්දිය දක්වා මාර්ගය වසා දැමීමට සිදුවූ බවද පොලිසිය පවසනවා.

විකල්ප මාර්ග ලෙස දෙමටගොඩ සමන්තා හෝල් වටරවුමෙන් වමට හැරී කොලොන්නාව හන්දියෙන් වැල්ලම්පිටියට පැමිණ අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැකි වනවා. 

අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහනවලට වැල්ලම්පිටිය හන්දියෙන් වමට හැරී කොලොන්නාව දෙමටගොඩ හරහා කොළඹට ඇතුළුවිය හැකියි. 

මෙම උද්ඝෝෂණය ආරම්භ වූයේ අද උදෑසන අටට පමණයි.