Tuesday, September 17, 2024

General line - 0115112241

“මගේ ප්‍රතිකාර ගැන බලාගන්න පවුලේ අයට පුළුවන් ” – කරූ දැන් සිංගප්පූරු රෝහලේ



පාදයක ඇති වූ ආසාදිත තත්ත්වයක් නිසා කථානායකවරයා පසුගිය පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආගමික උත්සව සඳහා ගොස් සිටි අවස්ථාවේදී අසනීප වී තිබෙනවා.

පසුගිය අඟහරුවාදා පස්වරුවේ සිංගප්පූරුවට කරූ ජයසූරිය මහතාව කැඳවාගෙන යාමට දියණිය වූ වෛද්‍ය ලංකා දිසානායක මහත්මිය කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව සිංගප්පූරුවේ පුද්ගලික රෝහලක නැවතී වැඩිදුර වෛද්‍ය පර්යේෂණවලට සහභාගි වීමට කරූ ජයසූරිය මහතාට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ කරූ ජයසූරිය මහතා ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ද වූ බැවින්, ජනාධිපති අරමුදලේ සහායක් අවශ්‍යදැයි නිලධාරීන් විමසා ඇති බවයි පැවසෙන්නේ.

“නැහැ නැහැ, ජනාධිපති අරමුදලේ තියෙන්නෙත් මහජන මුදල්. ඒවා තියෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු අසරණ වුණ වෙලාවට පිහිට වෙන්න. මගේ ප්‍රතිකාර ගැන බලාගන්න මගේ පවුලේ අයට පුළුවන්. ජනාධිපති අරමුදල ගැන හිතන්නවත් එපා” යනුවෙන් ඊට කතානායකවරයා පිළිතුරු ලබා දී තිබෙනවා.