Thursday, September 19, 2024

General line - 0115112241

හික්කඩුවේ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මරුට




හික්කඩුව පටුවත ප‍්‍රදේශයේ දී පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අද අලූයම සිදු වූ මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ 72 හැවිරිදි පුද්ගලයෙක්. 

පිහි ඇණුමෙන් බරපතල තුවාල ලැබූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත් වුණේ. 

ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

පුද්ගලික ආරවුලක් මත ඝාතනය සිදු වන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.