Thursday, September 19, 2024

General line - 0115112241

පානදුරේ දී විශ‍්‍රාමික ගුරුවරියක් අභිරහස් ලෙස මියයයි




පානදුර මොරගහහේන හාලපිටිය රණවිරු මාවතේ පිහිටි පාලූ නිවසක් ආසන්නයේ තිබී සැක සහිත ලෙස මියගිය කාන්තාවකගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අත්දෙක ගැටගසා සිහිමුර්ඡාව වැතිර සිටිය දී මෙම කාන්තාව සොයා ගෙන ඇති බවයි.

හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් දැනුම් දී තිබෙනවා.

අනතුරුව රෝහල් පොලිසිය කළ දැනුම් දීමක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ වැල්මිල්ල, හාලපිටිය රණවිරු මාවතේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක්. 

ඇය විශ‍්‍රාමික ගුරුවරියක් බව ද අනාවරණ වී තිබෙනවා. 

මෘත දේහය මේ වනවිට හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.