Thursday, September 19, 2024

General line - 0115112241

හිටපු මහ බැංකු අධිපති අදත් බැඳුම්කර කොමිසමේ




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද දිනයේත් මතභේදාත්මක බැඳුම්කර සිද්ධය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

ඒ, ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. 

අද පෙරවරු 9 යි 30ට පමණ ඔහු කොමිසම වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙයයි. 

ඔහු ඉකුත් සිකුරාදා දිනයේ ද කොමිසම හමුවේ පළමු වරට පෙනී සිටියා.

එහිදී ඔහුගෙන් පැය 06ක කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගැණුනා.