Thursday, September 19, 2024

General line - 0115112241

දළදා මාලිගාවේ ඒක දන්තයාගේ මරණයට හේතුව සොයා පැය පහක පරීක්ෂණයක්




ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත්ව සිටි එක් දළකින් යුත් ‘‘ඒක දන්තයා‘‘ නමින් හැඳින්වෙන හස්ති රාජයා හදිසියේ මිය යාමට හේතුව සොයා මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගීත්වයෙන්.

ඒක දන්ත හීලෑ ඇතුන් තිදෙනෙකු මෙරට තුළ ජීවත් වූ අතර ඊයේ මිය ගියේ  ඉන් එක් හස්ති රාජයෙක්. 

වසර 40ක පමණ කාලයක් තිස්සේ ශ‍්‍රී දළදා මාලිගා පෙරෙහැරේ ගමන් කර ඇති ඒක දන්තයා නමින් හැඳින්වෙන මෙම හස්ති රාජයා කරඬුව වැඩම කරවීම සඳහා ද කීකරු හස්තියෙකු ලෙසටයි සැලකෙන්නේ.