Thursday, September 19, 2024

General line - 0115112241

දඹුල්ල උපත් පාලන පරීක්ෂණ අවසන් - වාර්තාව කොළඹට




දැඩි ආන්දෝලනයකට තුඩු දුන් දඹුල්ල මූලික රෝහලේ මව්වරුන්ට උපත් පාලනය සඳහා බලපෑම් කළ බව කියන සිද්ධියට අදාළ මූලික පරීක්ෂණ කටයුතු අවසන් කර තිබෙනවා. 

ඊට අදාළ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බවයි දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල පැවසුවේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් හා පියවරුන්ගෙන් ලද ලිඛිත පැමිණිලි මෙන්ම නිර්නාමික පැමිණිලි ද ඇතුළත් වාර්තා දෙකක් සකස් කර තිබෙනවා.

ප‍්‍රසව හා නාරිවේද අංශයේ කාර්ය මණ්ඩලයෙන් ලබාගත් ප‍්‍රකාශ ද පදනම් කර ගනිමින් තවත් වාර්තාවක් සකස් කර ඇති බවයි වෛද්‍ය අධිකාරීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ අතර අදාළ වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ වාර්තාව ලැබී ඇති බවත් එය පරීක්ෂා කර ඉදිරියේ දී තීරණයක් ගන්නා බවත්ය.