Thursday, September 19, 2024

General line - 0115112241

දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ මියගිය කැඩෙට් නිලධාරියාගේ දේහය අද ගොඩ ගැනේ




දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටිය දී මියගිය කැඩෙට් නිලධාරියෙකුගේ දේහය අද (03) ගොඩ ගැණුනා. 

ඒ, වැලිවේරිය කතෝලික සුසාන භූමියේදීයි. 

මෙම කැඩෙට් නිලධාරියාගේ මරණය සැක සහිත බවට ඔහුගේ ඥාතීන් විසින් ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබ තිබුණා. 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමකින් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා අදාළ කැඩෙට් නිලධාරියාගේ මළ සිරුර ගොඩ ගන්නා ලෙසයි බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ. 

කොළඹ ප‍්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකොන් ප‍්‍රමුඛ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේ අද පෙරවරුවේ දේහය ගොඩගැණුනා. 

අනතුරුව එය ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

දේහය ගොඩගත් අවස්ථාවට කැඩෙට් නිලධාරියාගේ පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියා.