Thursday, September 19, 2024

General line - 0115112241

පොලිසිය සහ සරසවි සිසුන් අතර උණුසුම් තත්ත්වයක් - එක් සිසුවෙකු තුවාල ලබයි (VIDEO)




මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කළ  විරෝධතා පාගමනට පොලීසිය ජනාධිපති කාර්යාලය අසලදී අද (13) සවස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. 

එහිදී එක් සිසුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ. 

ලෝටස් වටරවුම අසළ පොලීසිය මාර්ග බාධක යොදා තිබූ අතර ඒවා ඉවත් කර ඉදිරියට යාමට විරෝධතාවට එක්ව සිටි සිසුන් උත්සාහ කිරීමත් සමඟයි මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තේ. 

එහිදී එක් සිසුවෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙනවා.


----------------------------------

සරසවි සිසුන්ගේ සයිටම් විරෝධී පාගමනට කඳුළු ගෑස් ප්‍රහාර (UPDATE)

13-03-2017 15:30

 

සරසවි සිසුන්ගේ සයිටම් විරෝධී පාගමන විසුරුවා හැරීමට පොලිසිය මීට සුලු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කොළඹ ලෝටස් වටරවුම අසළදී මෙම ජල සහ කඳුලු ගෑස් සහ ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වෙන්නේ.

----------------------

සරසවි සිසුන් අදත් කොළඹට - මාර්ග තදබදය වැඩි වෙයි

13-03-2017 15:12

 

සරසවි සිසුන්ගේ සයිටම් විරෝධී පාගමනක් හේතුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

සරසවි සිසුන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළින්.

මේ වන විට පාගමන කොළඹ කොටුව දෙසට ගමන් කරමින් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පාගමන හේතුවෙන් මරදාන බොරැල්ල සහ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.