Thursday, September 19, 2024

General line - 0115112241

'ඒකදන්තයාගේ' හදිසි මරණය ගැන පශ්චාත් පරීක්ෂණයෙන් කරුණු හෙළි වෙයි




මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් "එ්කදන්තයා" මිය යමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) පෙරවරු 9.00 සිට පස්වරු 2.30 පමණ වෙනතෙක් සිදු කළා.

මරණ පරික්ෂණය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කවීන්ද්‍ර විජේසුන්දර ඇතුළු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පින්නවල සත්ත්ව උද්‍යානයේ පශු වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පරීක්ෂණයන්ගෙන් අනතුරුව පශු වෛද්‍ය කවීන්ද්‍ර විජේසුන්දර කියා සිටියේ ඇතාගේ උදරයට රුධිරය වහනය වීමක් සිදුවී ඇති බව හඳුනාගත් බවයි.  ඒ ගැන වැඩිදුර පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව නිගමනයකට එළඹිය හැකි බවත් සඳහන් කළා.

ඊයේ (12) පස්වරු 3.30 ට පමණ හස්තිය මියගොස් ඇත්තේ හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයකින්. හස්තියා මිය යනවිට වයස අවුරුදු 47ක් පමණ වන බවයි සඳහන් කෙරුණේ.

1978 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට එක්වී ඇති මෙම හස්තියා දළදා කරඬුව ගෙනයාමට ඕනෑම මොහොතක සුදානමින් සිටි කීකරු හස්තියෙක් බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ සඳහන් කළේ.