Thursday, September 19, 2024

General line - 0115112241

ජනපතිගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා සයිටම් සාකච්ඡා නෑ




ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ සාකච්ඡාව දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවීම නිසා මෙම සාකච්ඡාව කල් දැමුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ.

ඒ පිළිබඳව කරුණු දැක්වූ එම සංගමයේ ලේකම් නවින් ද සොයිසා වැඩි දුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම යළිත් සාකච්ඡාවක් ලැබේ යැයි අපේක්ෂා කරන බවයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශ්වවිද්‍යාල පිඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් සමග අද උදැසන පැවති සාකච්ඡාවකදී සයිටම් අර්බුදය විසඳීම සඳහා පොදු එකඟතාවකට පැමිණි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

වෛද්‍ය නවින් ද සොයිසා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.