Thursday, September 19, 2024

General line - 0115112241

වෛද්‍ය සභාව අධිකරණයට




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ අභියාචනාධිකරණය ඉකුත්දා ලබා දුන් තීන්දුව බල රහිත කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) පෙත්සමක් ගොනු කළා.

එම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලැබූ අදාළ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවටයි අභියාචනාධිකරණය ඉකුත්දා තින්දු කළේ.

එම තින්දුව ඉවත දමා එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලැබූ දිල්මි සූරියආරච්චි ශිෂ්‍යාව, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සයිටම් ආයතනය ඇතුළු පාර්ශ්ව 06ක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. මෙම අභියාචනා පෙත්සම ඉදිරි දිනකදි ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සළකා බැලීමට නියමිතයි.