ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ හෙද හෙදියන් අද (13) ආරම්භ කළ වැඩ වර්ජනය අසාර්ථක බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ දිවයිනේ සියලු රෝහල්වල දෛනික රෝගී සත්කාරක සේවා නිසි පරිදී සිදු වූ බවයි.
කෙසේ වෙතත් කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ කොළඹ අක්ෂි රෝහලේ පමණක් වර්ජනය යම්තාක් දුරට ක්‍රියාත්මක වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කර ඇති මෙම වර්ජනය හෙට (14) දිනයේත් ක්‍රියාත්මක බව එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළා. වැටුප් සහ දීමනා කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරුණා.
එහිදී සඳහන් කෙරුණේ "ඇමතිතුමා කියන්නේ කවුරුහරි කේවට්ටයෙක් කියපු කතාවක්. වර්ජනය ඉතාම සාර්ථකයි. බලධාරීන් මේ පිළිබඳ සුළුවෙන් සිතන්නේ නම් හෙටින් පස්සේ දිවයින පුරා දැවැන්ත වැඩවර්ජනයක් සැළසුම් කරන්න අපි තීරණය කරනවා." යනුවෙනි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සයිටම් විරෝධී වැඩපිළිවෙළට සහය දැක්විමක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක වූ එකක් බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ.