Thursday, December 26, 2024

General line - 0115112241

රහස් පොලිසියෙන් ලැබුණු තොරතුරක් ගැන ගම්මන්පිළ කියයි




තවත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු මෙම සතියේ දී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසනවා.

ඒ පිළිබඳව කරුණු අනාවරණ කළේ එහි ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළයි.

එහිදී ඔහු සඳහන් කළේ "අපිට රහස් පොලිසියෙන්ම තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අනුව නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්න යනවා. එක්කෙනෙක් ලුතිනන් කොමාන්ඩ ප්‍රසාද් හෙට්ටිආරච්චි. අනික් කෙනා කේ.ජී.එන්.ජී වික්‍රමසූරිය. ප්‍රසාද් හෙට්ටිආරච්චි කියන්නෙ රවිරාජ් ඝාතන නඩුවෙන් නිදොස් කොට නිදහස් වුණ කෙනෙක්. අයෙත් අත්අඩංගුවට ගන්න යනවා." යනුවෙනි.

කොළඹ  අද (13) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ වුණා.