ශ‍්‍රී ලංකාවට නගන ලද යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අවධානය අඩු වෙමින් ඇති අවස්ථාවක ඒ පිළිබඳ නැවත නැවත කතා කිරීම ශ‍්‍රී ලංකාව සිදු කරන බරපතල වරදක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ රණවිරුවන්ට චෝදනා කරමින් ඉදිරිපත් වී ඇති වාර්තාවලට එරෙහිව ‘‘ජාතික සංවිධාන කමිටුව‘‘ විසින් සකස් කර සකස් කළ ‘‘විරුවන්ගේ විත්ති වාචකය‘‘ එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති උත්සවයකදීයි.