රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වැඩ වර්ජනය කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
එහි සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ මෙම වැඩවර්ජනයට ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදි වඩාත් දැඩි වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයන්ට එළඹෙන බවයි.
මේ අතර රාජය සේවා එක්සත් හෙද සංගමය විසින් කැඳවන ලද මෙම වැඩ වර්ජනයට තමන් සහාය ලබා නොදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පැවසුවා.