Thursday, December 26, 2024

General line - 0115112241

උපත් පාලන බලපෑම් ගැන කළ පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය බලධාරීන් අතට




දඹුල්ල මුලික රෝහලට පැමිණෙන මව්වරුන්ට උපත් පාලනය සඳහා අයථා බලපෑම් සිදු කෙරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරික්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදු කෙරුණේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මැදිහත් වීමෙන්.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් එය අධ්‍යයනය කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව අවසන් තීරණයට එළඹෙන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර කියා සිටියා.