සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් බව කියන ශී‍්‍ර ලංකාවේ ධඡය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාව පිළිබද තොරතුරු අනාවරණ කර ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.
යුරෝපා සංගමයේ නාවික බලකායද මෙහෙයුම සදහා එක්ව සිටින එක් පාර්ශවයක්.
තොරතුරු ලබාගැනීම සදහා ඔවුන් නෞකාව යාත්‍රා කළ බව කියන මුහුදු ප්‍රදේශයට ගුවන් යානයක්ද පිටත්කර හැර තිබුණා.
වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් තමන් ලූහුබදිමින් සිටින බවට ප්‍රංශයේ පිහිටි සමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධිකාරක මධ්‍යස්ථානයට පණිවිඩයක් ලැබී තිබෙනවා.
එහෙත් ඉන් පසුව නෞකාව සමග පවතින සන්නිවේදන සබදතා ඇණහිට ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
නෙත් නිවුස් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පැවසුවේ මෙම නෞකාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව ඇත්දැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
නෞකාව පැහැරගත් බව කියන කණ්ඩායම ගිනිඅවි සහිතව සිට ඇති බවටයි දැනට වාර්තා වී ඇත්තේ.
බලධාරීන් සමග කළ අදහස් හුවමාරුවකදී මෙම පිරිස, තමන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන් ලෙසට හදුන්වාදී තිබෙනවා.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පැහැර ගැනීමට ලක් වූ නෞකාව සෝමාලියාවේ අලූලා නගරය ආසන්නයේ ඇති බවටයි වාර්තා පළ වන්නේ.
එම නගරයේ දිස්ති‍්‍රක් කොමසාරිස් අලි ෂයර් මොහොමඞ් ඔස්මාන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම පිරිස ධීවරයින්ද නැතහොත් කොල්ලකරුවන් දැයි තවමත් කරුණු අනාවරණය වී නොමැති බවයි.
එම මුහුදු ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී මසුන් මැරීමේ කටයුතු හේතුවෙන් තම ජීවිකාවට බලපෑම් එල්ල වන බව නෞකාව පැහැරගත් පිරිස ප්‍රකාශ කළේ යැයි ඔහු පවසනවා.
නෞකාව බේරා ගන්නේ කෙසේද යන්න පිළිබදව මේ වනවිට අවධානය යොමුකර ඇති බවයි දිස්ති‍්‍රක් කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ නෞකාවේ සිිටින ශී‍්‍ර ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනාගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.
ඒ සදහා නාවික නියෝජිත ආයතන, අදාළ බලධාරින් මෙන්ම විදෙස් රටවල පිහිටි ශී‍්‍ර ලංකා දූත මණ්ඩල සමගද අඛණ්ඩව සම්බන්ධ වෙමින් තොරතුරු සොයා බලන බවද අමාත්‍යාංශය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත් වහාම එම තොරතුරු අදාළ නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් නොවන අයුරින් වාර්තා කිරීමට සූදානම් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් බව කියන ඒරිස් 13 නම් වූ කොමරෝස් රාජ්‍යයට අයත් මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් යටතේ ලියාපදිංචි වී තිබුණා.