නීතිවිරෝධීව ඕස්ටේ්රලියාවේ රැදි සිටි ශී්ර ලාංකිකයින් විසිපස් දෙනෙකු අද (03) උදෑසන ශී්ර ලංකාව වෙත ආපසු හරවා එවා තිබෙනවා.
මෙම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ඇතුළත්. ඕස්ටේ්රලියාවේ සිට විශේෂ ගුවන් යානයකින් ඔවුන් ශී්ර ලංකාව වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළේ.
මෙම පිරිස මීට වසර දෙකකට පෙර මැලේසියාව වෙත ගුවන් යානයකින් ගොස් එහි සිට බෝට්ටුවකින් ඕස්ටේ්රලියාව බලා ගොස් තිබුණා.
ඔවුන් යාපනය, වව්නියාව, මන්නාරම හා කිලිනොච්චිය යන ප්රදේශවල පදිංචිකරුවන්.
දිවයිනට පැමිණි පිරිස වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.